සම්බාධක පැනෙව්වේ යුද බිමේ පිටුපස අයට.. වරදක් කළා නම් දඬුවම් කළ යුතුයි.. රණවිරුවෝ රකින්න ආණ්ඩුව බැඳිලා නෑ…! ෆොන්සේකා

 


මානව හිමිකම් කඩ කර ඇත්නම් රණවිරුවන් යැයි නීතිය ක්‍රියාත්මක නොකොට සිටිය යුතු නැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එක්සත් රාජධානිය සම්බාධක පැනවූ දෙදෙනෙකු පිළිබඳ තමන් පාර්ලිමේන්තුවේ දී විවේචනය කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

ජගත් ජයසූරිය, වසන්ත කරන්නාගොඩ රණබිමේ ඉදිරිපෙළ නොව පසුපෙළ සටන් කළ බව ද සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

යුද බිමේ පසුපෙළ යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පර්යේෂණ කළ යුතු බව ද ජගත් ජයසූරිය ගැන තමන් හමුදාපති ධුරයේ කටයුතු කරන සමයේ ම පරීක්ෂණ ආරම්භ කළ බව ද ඔහු පෙන්වාදෙයි.

රණබිමේ ඉදිරිපෙළ සටන් කළ ශවේන්ද්‍ර සිල්වා කිසිදු වරදක් කර නොමැති බවත් රණවිරුවන් රැකීමට රජය බැඳී නොමැති බවත් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

Special Thanks to AsianMirror.lk

Post a Comment

Previous Post Next Post