"මට වැරදුනා - කැමරා තියෙනවා දැක්කේ නෑ" දොඩම්පහළ රාහුල හිමි


හිටපු ජනපති රනිල්ගේ ජන්ම දින පින්කමේදී තමන්ට අත් වැරදීමක් සිදු වූ බව දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ පවසයි .
ජනපතිවරණ සමයේ ඉන්ධන නොගෙන්වන ලෙස තමන් වහන්සේ රනිල් වික්රමසිංහගෙන් ඉල්ලා සිටි බව එම පින්කමේදී උන්වහන්සේ ප්රකාශ කළහ.
රූපවාහිනී නාලිකා නියෝජිතයකු සමඟ අදහස් දැක්වූ රාහුල හිමියන් "ඒ වේගයත් එක්ක මට වෙන නිදර්ශනයක් හරියට ඔලුවට ආවෙ නෑ, හිතන්න වෙලාවක් තිබුනෙ නෑ,
ඒ වගේ දෙයක් කියන්න තියා මට රනිල් සර් මුහුණට මුහුණ හමුවෙලාවත් නැහැ කැමරාව කොහෙන් අල්ලගෙන හිටියද දන්නෙ නැහැ,
මම ඒ වෙලාවේ කැමරාවක් තියෙනවා දැක්කෙත් නැහැ" යනුවෙන් ප්රකාශ කොට ඇත.
කැමරාව ඉදිරියේ ඇඬු කඳුළින් දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ පැවසුවේ තමන් කිසිවකුගෙන් දානය ලබාගන්නා කෙනෙකු නොවන බවයි.
මේ සිද්ධිය පිළිබඳව රනිල් වික්රමසිංහ මහතා හමුවේ ප්රකාශ කළ බවද උන්වහන්සේ සඳහන් කළහ.
තමන්ට, ස්වාමීන් වහන්සේ ජනපතිවරණ සමයේ එවැනි ප්රකාශයක් නොකළ බව රනිල් වික්රමසිංහ මහතාද කීවේ යැයි පවසමින් උන්වහන්සේගේ සිය ප්රකාශය අත්වැරදීමක් බව සාධාරණීකරණය කිරීමට උන්වහන්සේ උත්සාහ කළ බවක් මෙම සාකච්ඡාවේදී පෙනී ගියා.
සුකි.All reactions
2

Post a Comment

Previous Post Next Post