Booking.com අපට බදු නොගෙවා විශාල ලාබයක් අරන් යනවා.. එහෙම වෙන්න දෙන්න බෑ.. එය වෙනස් කරනවා

 
සංචාරකයන් විසින් මෙරට හෝටල් කාමර වෙන් කිරීමේදී Booking.com වෙබ් අඩවිය විසින් මෙරටට බදු නොගෙන බව සංචාරක, විදේශ රැකියා හා විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

එම තත්ත්වය වෙනස් කළ යුතු බවද පැවසූ ඔහු කාමර වෙන් කිරීමේ ක‍්‍රමවේදයක් මෙරට තුලින්ද ආරම්භ කළ යුතු බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

“හෝටල් කාමර බුක් කිරීම online booking හරහා වෙන එක, එක ආයතනයක අධිකාරියකට යටත් වෙලා තියනවා. අපි දැන් ආරම්භ කරලා තියනවා ලංකාවේ දේශීය සමාගම් එක්ක සාකච්ඡා. අපි ඔවුන්ට කියලා තියනවා වෙනත් ආයතන කීපයක් පටන් ගමු.

දැනට ක්‍රියාත්මක වෙන එකත් ලියාපදිංචි කරන්න ඕන. booking.com එක. ඇත්තටම ගත්තොත් අපිට ලබා දිය යුතු බදු මුදල් ලබා දෙන්නේ නැහැ. දැනට ඒගොල්ලෝ විශාල ලාභයක් රටෙන් අරන් යනවා.

ඒක වෙනස් කළ යුතුයි. මම කියන්න සතුටුයි. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් වල ඉන්න ශ්‍රී ලාංකික කණ්ඩායමක් ඒ bookin.com එක වෙනුවට තව අලුත් OTP එකක් ආරම්භ කරලා තියනවා. ඉතින් එවැනි ඒවා දැන් අපි ඉස්සරහට දියුණු කරාම ඒ promotion හරහා ඒ තියන ඒකාධිකාරිය ටිකෙන් ටික වෙනස් කරගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා.”


Post a Comment

Previous Post Next Post